හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 September 2014

තන්තිරිමලේ යමු

1
 ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප වතාවක් ගොස් ඇතත්, ඒ සෑම අවස්ථාවකම, හමුදා රාජකාරි වලට අදාලව ගිය අතර, මෙසේ නිදහසේ ඇවිදින්නට ඉඩක් ලැබුණේ නැහැ. එදා, මේ ප්‍රදේශය හමුදා ආරක්ෂාව යටතේ පැවති අතර, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වූ ප්‍රදේශයක්ව පැවතුණා. යුද්ධයෙන් පසු, ඉතා සාමකාමී නිදහස් පරිසරයක් මෙහි දකින්නට ලැබීම මහත් සතුටක්. අවට ජනාවාසද වේගයෙන් සංවර්ධනය වන බව පෙනුණා. (මේ ලිපියේ ඇති සමහර පින්තූර මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි) මා හිතනවා ඔබට මුලින්ම, තන්තිරිමලේ පිහිටීම විස්තර කරදීමට. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි තන්තිරිමලේ ප්‍රදේශය, අනුරාධපුර නගරයේ සිට, කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.  



2


   තන්තිරිමලේ ඉතිහාසය, ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. මේ පුදබිම, ඉතා විශාල ගල් තලාවන් කීපයක් අතර විහිදී තිබෙන අතර, එම ගල් තලාවන්හි විශාලත්වය, අක්කර 225 ක් පමණ වන බව දැනගන්නට ලැබුණා.


3


   බොහෝ දෙනා තන්තිරිමලේ රජමහා විහාරය වන්දනාමාන කරගන්නට යන්නේ, එහි ඇති, පිහිටි ගලේ නෙලූ ප්‍රතිමා වන්දනාමාන කරගන්නටයි. එයින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ, එකිනෙකට තරමක් දුරින් පිහිටි, සැතපෙන පිළිම වහන්සේ සහ සමාධි පිළිම වහන්සේයි.


4


15


   මේ පිළිම වහන්සේලා දකිනවිට, ඔබට නිතැතින්ම මතක් වන්නේ, පොළොන්නරුවේ ගල් විහාරය බව අමුතුවෙන් කීම අනවශ්‍යයි. නමුත්, පොළොන්නරුවේ පිළිමවල ඇති සියුම් සහ සවිස්තර බව, මේ පිළිමවල දකින්නට නැහැ. මේ පුදබිමේ පිළිම නෙලීමේ වැඩකටයුතු අවසන් කිරීමට මත්තෙන්, විදේශීය (දකුණු ඉන්දියානු) සතුරු ආක්‍රමණ ලංකාවට එල්ලවූ බවත්, එබැවින් සෙල් පිළිම නිසිපරිදි නිමවීමට නොහැකිවූ බවත්, ඉතිහාසයේ සඳහන්. ඒ බවට සාක්‍ෂි, පහත දැක්වෙන පින්තූරයේ ඇති, වැඩ අවසන් නොකළ පිළිම වලින් තහවුරු වෙනවා.


photo0271


මේ පුදබිම, අතීතයේදී මහා සංඝාවාසයක්ව පැවති බව තහවුරුවෙන ලක්ෂණ, මෙහි දකින්නට ලැබෙනවා.


11


12


9


මේ පුවරුවේ සඳහන් පොත්ගුලේ පින්තූර, පහත දක්වනවා.


8


10


  මීට පෙර මා ඔබට කියා ඇති, අපේ ගමේ පන්සලේ සෙල් පිළිමයක් නෙළන බව. ඉතින්, මේ තන්තිරිමලේ ගමනට තවත් හේතුවක් වුණේ, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාට, මෙහි ඇති පිළිම නරඹා, කිසියම් අවබෝධයක් ලබාගැනීම සහ, අපේ ලොකු හාමුදුරුවන් සමග ඒ ගැන සාකච්ඡා කරමින්, අපේ පන්සලේ පිළිමය, නිසි පිළිවෙලට/පිළිවෙතට/පිරිවිතරයට/ අනුව සකසා ගැනීමයි. මේ පහත පින්තූරයේ, ඔබේ වම් අත පැත්තේ කෙලවර ඉන්නේ, අපේ ශිල්පියා වන, පතිරණ මහතා. (පිළිම නෙලීම පිළිබඳව, ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක උපාධිධරයකු වන අතර, දැනට ඔහු කර තිබෙන නිර්මාණ විශ්මයජනකයි) ඊළඟට ඉන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. ඊළඟට අපේ පන්සලේ වැඩ වෙසෙන සාමනේර හිමිනමක් සහ අපේ දායක සභාවේ සභාපති ඉන්නවා. (මම තමයි රථාචාර්ය සහ කැමරාකරු)


16


   ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන් සිටි ගල් ලෙන් සහ, ඔවුන් විසින් අඳින ලද ගුහා චිත්‍ර, තන්තිරිමලේ විහාරාරාම සංකීර්ණ පරිශ්‍රයේ, තරමක් දුරින් පිහිටි පර්වතයක පාමුල, දකින්නට ලැබෙනවා. එතනට යන්නේ, වනගත අඩිපාරක් දිගේ. එය සුන්දර අත්දැකීමක්. පහුගිය යුද්ද කාලේ නම්, මේ හරිය තනිකරම හමුදා කඳවුරක්. මෙම විහාරස්ථානය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාවට, බලසේනාවක් Brigade යොදවා තිබුණා, මීට නුදුරින් පිහිටි චෙඩ්ඩිකුලම් ප්‍රදේශයේ. 


7


17


20


   මේ ලිපිය කියවන ඔබ, සමහරවිට බෞද්ධයකු නොවුනත්, පරිසර චාරිකාවක් ලෙස, තන්තිරිමලය ප්‍රදේශය නැරඹීම, ඉතා වැදගත් බව, මතක් කරන්නට කැමතියි. ඒ සුන්දර පරිසරයේ පින්තූර කීපයක් පෙන්වමින්, මේ ලිපිය අවසාන කරනවා.


6


13


14


18


19


my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 05 වැනි දින 2338 පැය

88 comments :

  1. ගිහිල්ලම බලන්න වෙනවා.......

    ReplyDelete
    Replies
    1. හවසක රැවන්වැලි සෑය ලගට යන්න අමතක කරන්න එපා.

      Delete
    2. මෙන්ඩියා ……

      විශ්ෂ්ටයි මෙන්ඩියා විශිෂ්ටයි … !!!!!

      Delete
    3. බලපු ගමන් දැක්කේ "තංකිරිමලේ" කියලා...

      Delete
    4. @ සංජය. ඔව් සංජය එකවරක් හෝ ගිහින් බලන්න.

      @ මෙන්ඩා. නිවන් සුවය වගේ සහනයක් දැනෙනවා එතනට හවසට ගියාම.

      @ පත්තරේ. ඇයි යකෝ මේ ලිපිය විශිෂ්ඨ නැද්ද?

      @ විදානේ. උඹේ ඔලුවේ තියෙන්නේ ඔව්වා විතරයිනේ. චික් විතරක් පව්කාරයා.

      Delete
  2. මමනම් ගිහිල්ලම නෑ ඔය පැතිවල .... දවසක පුළුවන් වුනොත් යන්න ඕනා.. ස්තූතියි මේ විස්තරයට.

    ReplyDelete
    Replies
    1. සෙන්නා යන්න අටමස්ථානේත් ඇතුලත්ව මේ තැන් වැදපුදාගෙන නුවර/තිසා වැවේ නලා හැන්දාවක රැවන්වැලි සෑය ලග ඉන්න එක ඡිවිතේ අමතක නොවන දෙයක් වේවි.

      Delete
    2. මෙන්ඩා, බොහොම ස්තූතියි අදහසට.. දවසක යන්න ඕනා... මම බොහොම පොඩි කාලේ තමා අනුරාධපුරේ ගිහින් තියෙන්නෙ.. පොලොන්නරුව ඇහැටවත් දැකලා නෑ..

      Delete
    3. අපේ අම්මා මට කිව්වා මම ඉපදිල දවස් දෙකෙන් ගෙදර අරන් යන ගමන් රුවන් වැලි සෑයට එක්ක ගියාලු. ඒකෙ ගැට්ට උඩින් තිබ්බම මම චූ පාරක් දැම්මලු..ලේසි පුතයෙක් නෙමෙයි හරිය..

      Delete
    4. උඹ තැනකට ගියා කියන්නෙ ආයි මක්කද
      අර කීමටත් කියන්නෙ දේශකයා කන්නෙලියෙ ගියා වගේ කියලා . … :D

      Delete
    5. මමත් අනුරාධපුරයෙන් ගියාට අනුරාධපුරයට ගිහින් නෑ. මිහින්තලයේ නම් ගියා. පොළොන්නරුවෙත් ඔක්කොම බැලුවා.

      Delete
    6. @ සෙන්නා. ආගමික චාරිකාවක් ලෙස නොව පරිසර චාරිකාවක් ලෙස යන්න. ඉතාම වතින පරිසරයක්.

      @ දේශා. අම්මපා උඹ පන්සලෙත් ජ්ජ කරපු පුතයෙක් එහෙනං ඈ. මදිනේ අපි සලකනවා.

      @ පත්තරේ. මොකක්ද බං ඒ කතාව.

      @ හරී. යන්නකෝ අලුත් කාරෙකේ නුවරඑළිය හරහා තන්තිරිමලේ. :D

      Delete
  3. ඩබල් සැලියුට් අපේ ප්‍රන්තේ ගැන ලිව්වට.
    එල ද බ්‍රා
    පත්තර මලයන්ඩි ගල් බෝතලයකුත් අරන් දුවලා වරේ අපේ බෝසා අපේ පුරේට බැහැලා.

    ReplyDelete
    Replies
    1. අනුරාදපුරේ හුළඟත් සැපයි බං .. උඹ කිව්වා වාගෙ මචෝ අයිනක් අල්ලං හැන්දෑවට රුවන්වැලිසෑයෙ බැම්මට හේත්තුවෙලා ඉඳගත්තම කොහොමද හිතට තියන සෑනසිල්ල.. ඈ

      Delete
    2. @ මෙන්ඩා. යකෝ අනුරාධපුරේදීත් ගල් බෝතල්?

      @ පත්තරේ. නොදකින් උඹ රුවන්වැලි සෑයේ බැම්මට හේත්තුවෙලා ගල් ගැහුවද?

      Delete
  4. දන්නවද විචිරක තුමා වැඩක්... අපි අනුරාපුරේ ගිය වෙලාවක තන්තිරි මලේ යන්න කියල ගියා... ඒත් ගියෙ වෙන කොහෙවත්...
    නෙළුම් කුලමෙන් නතර වුණා...
    ඒත් ඊළග මාසෙ දවසක් අපිට තියේ...
    හිහි

    ReplyDelete
    Replies
    1. හිහ් හී...........නියම වැඩක්නේ වෙලා තියෙන්නේ. ඔයා දන්නවද අනුරාධපුරේ තියනවා රවුන්ඩ්අබවුට්ස් හැටහුටහමාරක්. මමත් අනුරාධපුර හරහා යන්න දන්නවා. අම්මෝ අර වට රවුං වල යන්න ගියොත් කොහේ යයිද මන්දා.

      Delete
  5. තන්තිරිමලයේ මා එක් වතාවක් සංචාරය කලා..... පිලිම වලට වඩා..... මං පරිසර සුන්දරත්වය රස වින්ද.....විචාරකතුමනි.......

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සිත තදින් බැඳගන්නා පරිසරයක්.

      Delete
  6. කදිමයි කදිමයි.. විචාරකයෙනි...

    මා අනුරපුර ඉපදී එහිම වාසය කොට පසුව කොළඹට එළවන ලද්දෙක්මි. ඒ කෙසේ වෙතත් කිසිම අවස්ථාවක මසා හට තන්තිරිමලේ පුදබිම වෙත යාමේ අවකාශ නොලැබිණි. සියළු කරුණු කාරණා (පිහිටීම පිළිබඳවත්) ඉදිරිපත් කිරීම සම්බන්ධව මාගේ නොවක් ස්තුතිය පිළිගන්න මැති තුමණි..

    ReplyDelete
    Replies
    1. ප්‍රිති..ප්‍රිති අපේ ප්‍රන්තේ තවත් එකෙක්

      Delete
    2. වරේවා … ගමේ එකා.. ජයවේවා !!!!!!

      Delete
    3. ප්‍රීති එපා !!!

      - බොබසේ -

      Delete
    4. @ දේශා. ඔව් මට මතකයි අනුරාධපුරේ හන්දියක් තියනවා දේශකයා එලවපු හන්දිය කියලා. අදනේ දන්නේ එහෙමෙ එලවා තියෙන්නේ උඹව කියලා.

      @ මෙන්ඩා. ඒ කියන්නේ උඹත් අනුරාධපුරෙන් එලවපු එකෙක්?

      @ පත්තරේ. ඇයි යකෝ ගමේ ඒකා ගම කාලානේ.

      @ ප්‍රීතිය නැතිකලොත් නම් පුතෝ ඉපදෙන ඔක්කොමලව බොබසේ එකේම මහණ කරන්න තමයි වෙන්නේ.

      Delete
  7. ගිහින් නැත. යන්නට සිතක් ඇත. කොහොමද පිළිමෙ වැඩ. දාන්නකො පින්තූරු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න එක වරක්වත්. වන්දනාවයි, පරිසර චාරිකාවයි දෙකම එකවර කරන්න පුළුවන්.

      පිළිමේ හැදීම ගැන ළඟදීම ලිපියක් පළකරනවා.

      Delete
  8. පොඩි කාළේ ගියාට පස්සෙ ගිහිල්ලම නෑ. සිරි මහ බෝධිය මුලින්ම ගෙනාවේ මෙතනටය කියලා කතාවකුත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔයා සංචාරකයන් සමග එහෙම ගිහිල්ලා ඇති කියලා. මෙතන බෞද්ධ විහාරස්ථානයක් නොවුනානම් සංචාරක ව්‍යාපාරයෙන් ට්‍රිලියන් වලින් උපයන්න තිබුනා.

      Delete
    2. අපේ බෞද්ධ සිද්ධස්ථාන වල තියෙන නීතී රීතී වැඩියි.. හාන්දුරුවරුන්ට බෞද්ධයයි, විදේශීය සංචාරකයයි අඳුනගන්න බෑ.. ඒ නිසා ඔවුන් ඒ තැන්වලට යන්න කැමති නෑ.. දෙගල්දොරුව කියන්නේ නුවර යුගයේ චිත්‍ර තියෙන හොඳම පන්සල.. සංචාරකයෙක් ගෙනිච්චම පැයක් විතර ඉන්න ඕන හාන්දුරුවෝ යතුරු අරගෙන එනකන්..

      Delete
  9. අර සමාධි පිළිමෙ පරිමව හොඳ උනාට බෙල්ල නෑ. සැතපෙන පිළිමෙ සිවුඅ ඇඟට ඇලිල ඉරියව්වට නොගැලපෙන්න. ඔබේ පිළිමෙදි ඒ දේවල් ගැන්ත් අවධනය යොමු කරන්න.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඉන්දික. මේ පිළිම පොළොන්නරුවේ පිළිමවල අහලකින්වත් තියන්න බැහැ. අපි මේ ගමනේදී කලෙත් පොළොන්නරුවේදී ගත්ත පින්තූර සමග සංසන්දනය කරමින් සාකච්ඡා කිරීමයි. මේ පිළිමවල පරිමාණයේ තිබෙන අඩුපාඩු අපේ ශිල්පියා හොඳට පැහැදිලි කළා.

      ස්තුතියි අදහසට.

      Delete
  10. මටත් තාම යාමට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඔබ හොඳ විස්තරයක් කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. හරිම ශාන්ත දාන්ත සහ විචිත්‍රවත් පරිසරයක් ප්‍රසන්න. එක වරක්වත් ගිහින් බලන්න.

      Delete
  11. දේවියන්ට ස්තුති වේවා.
    අදත් අර කාලකන්නි ආයුධ පාඩම නෑ
    ඒත් පොඩි අවුලක්.
    ඔය ආගම්, පිලිම, බෝධි, පංසල් වගේ කොටින්ම කියනව නම් සියලුම ආගම්ද මට අරහං

    ReplyDelete
    Replies
    1. අපිටත් එහමයි හැම වේලාවෙම අනුන්ගේ ඇද විතරක් හොයන හොද දෙයකවත් හොදක් නොදකින උන් අරහං

      Delete
    2. ඇනෝ බොසා.…

      සුවපත් වේවා……. ඕ යේස් !!!!

      Delete
    3. @ AnonymousSeptember 6, 2014 at 1:43 PM

      දේවියන්ට ස්තුතිවෙවා කිව්වේ මොන දේවියද? රුක්මණීදේවි ද?

      පංච තන්ත්‍රය කියවා බලන්න. එතකොට ඔය අමනුෂ්‍ය ලක්ෂණ දුරුවෙයි.

      Delete
    4. @ ඇ‍නෝ,

      සියලුම ආගම් අරහං නම් දැන් ඔය මොන දෙවියන්ටද ස්තූති කරන්නෙ!? අදේවවාදී දෙවියෙක් ද? :-D

      Delete
  12. ඔබලාගේ ගමෙත් දැන් බෙලි නැති පිළිම අඹාවිද අරයා? :)

    කෝ විචාරක, අර ප්‍රාග් ඓතිහාසික මානවයන් විසින් අඳින ළද චිත්‍ර වල චායාරූපයක් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. බෙලි නැති = නොබෙල් :e

      එක පින්තූරයක් පෙන්නන්නම්. නමුත් ඒ චිත්‍ර පැහැදිලිව පෙනෙන්නේ නැහැ.

      [im]https://jangun.files.wordpress.com/2014/09/21.jpg[/im]

      Delete
    2. ස්තුතියි විචාරක!

      පැහැදිලි මදි නම් තමා. මෙයින් ගියා ඈති. එකක් දෙවෙනි පෑතිස් රජු දවසේ ගලේ කොටපු ඒවගෙත් ඉස්පිලි-පාපිලි නැති කොට, ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ගැන කවර කතාද? අනෙක මේ වගේ ගලුත් "කන්-ගැට්ටල" ගෙන් මේ තරමින් වත් බේරිලා තියන එක ලොකු දෙයක් නේ.

      Delete
    3. මටත් හිතෙනවා අනාගතේදී ආශ්චර්යයට යන ගමනට පාරවල් හදන්න මේ අක්කර 225 ගල්තලාවම කළුගල් වලට කඩයි කියලා. :e

      Delete
  13. මාමන්ඩියේ මොකදෝ මට නොකියාම
    තන්තිරිමලේ ගෑටුවේ උඹ තනියෙන්ම
    කිව්වා නම් කුකුලා ගෙන දෑතින්ම
    එනවා අම්මපා තනියට දෙපයින්ම


    :D

    ReplyDelete
    Replies
    1. යාලු මනමාලයට පත්තර මල්ලිද?

      Delete
    2. ආයි මක්කද මෙන්ඩා.. ආයි දෙන්නං වෙඩිම මළගෙයක් වෙන්ඩ !!!

      Delete
    3. පත්තරයව ගත්තොත් ඕන මගුල් ගෙයක් මළගෙයක් වෙන එක අහන් දෙයක් ද , චක් විතරක්

      Delete
    4. එහෙනම් මාව ගනින්

      Delete
    5. අජන්තව ගත්තනං හරි

      Delete
    6. @ ඉවාන්. මම හුඟක් ඉස්සර බං සුදු කොල්ලොත් එක්ක ට්‍රිප් ගියේ. :e

      @ පත්තරයා. කොටියම කාපිය.

      Delete
  14. යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රදේශයක් මේ සටහන ගොඩක් අගෙයි......බූදු පිළිම තුලින් බුදුන්වහන්සේගේ කරුණාව ,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කිරිම තරම් තාක්ෂණිය ගිල්පීය දැනුම,ප්‍රතිභා ශක්තිය හා කලා කෞෂලය ඉතාම උසස් මට්ටමක පැවති බව පෙන්නුම් කරනවා තන්ත්‍රිමලේ හිදි පිළිමය තුලින්...මට හිතෙනවා අපේ රටේ හිටිය ගල්වඩුවන්ගේ කලා ශිල්පය කොච්චර විශිෂ්ඨද කියලා.

    ReplyDelete
    Replies
    1. මම මෑත කාලයේදී පොළොන්නරුවට ගියවෙලාවෙත්, මේ තන්තිරිමලේ ගමනේදීත්, පිළිම දිහා බලාගෙන, පළමුව එහි කලාත්මක ලක්‍ෂණත්, දෙවනුව එයින් නිරූපිත බුදුගුණත් සිහිකළා.

      ඒ අවසානයේදී, මගේ සිතට නිතැතින්ම නැගුණේ, සුනිල් එදිරිසිංහගේ, 'සියුමැලිද මේ තරම් කළුගල්' කියන ගීතය සහ අමරදේව ශූරීන්ගේ, 'ඇඟිලි තුඩුයි ගල් කටුවයි බුදු බැතියයි එක්වෙලා' කියන ගීතය.

      ස්තුතියි ලිපිය ඇගයීම ගැන.

      Delete
  15. මමත් ගිහින් තියෙන්නේ එක පාරයි.. පින්තූරත් එක්ක විස්තරේ කියෙව්වහම ආපහු පාරක් යන්න ඕනේ කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. නිදහසේ ගිහින් බලන්න තුෂානි. හරිම ලස්සනයි.

      Delete
  16. විචාරක තුමා. බොහොම පැහැදිලි. වටින විස්තරයක්..ඒ වගේම සමාජ මෙහෙවරක් .. බොහෝම ස්තුතියි ඕං !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. මම හිතන්නේ මෙතන ගැන නොදන්නා අයත් සෑහෙන ගණනක් ඇති අපේ රටේ. ඒ නිසයි ලිව්වේ.

      Delete
  17. මම අවුරුදු 2ට ඉස්සල්ලා ඔතෙන්ට ගියා,,ඔය සැතපෙන පිළිමෙට නිධන් හොරු වැඩේ දීලා නේද,,පස්සෙ ඔන්න නාමල් කුමාරයා ඒක පිළිසකර කරා කියලා තියෙන්නේ ඔයාමඩුව දැයට කිරුල යටතේ..ඔයාමඩුව දැයටකිරුළ කාන්තාරේ බැලුවෙ නෑද ඔහොම්ම,,,,
    ඔතන කාශ්ටක පරිසරයක් උනාට පරිසරය සුන්දරයි,,ඒත් ඔය පුරාවස්තු ආරක්ශා කිරීම නම් මට සෑහීමකට පත් උනේ නෑ,,ඒ එක්කම අපේ සංචාරකයන්ගේ පරිසරය ආරක්ශා කිරීමත් අන්තිමයි..ඔතන විනාශ කරලා කුණු පුරෝලා

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා 'ජාතියට තොප්පිය' එතනට ගෙනිච්චෙ එතන නිධන් වදුලක් තිබ්බ නිසා කියලා

      Delete
    2. ස්තුතියි ඩිලාන් ඔබේ විස්තරයට. මම නොකියා හිටිය දෙයක් කියන්නම්. ඒ පිළිමය හදලා නෙවෙයි කාලා reela සිමෙන්ති බදාම වලින් හදන්න ගිහින් වැඩේ අනාගෙන තියෙන්නේ. අපේ ශිපියා අඬ අඬා වගේ කිව්වා මහා අපරාධයක් කියලා.

      කුණු ඉවත් කරන්න හමුදාව දාලා තියනවලු. දැන් හමුදාවේ ජොබ් එක ඒකනේ.

      @ හරී. STF එක එක්තරා ප්‍රදේශයක් දින කීපයක් කාටවත් යන්න නොදී මුරකළ බවත්, එකවරම හෙලිකොප්ටරයක් ඇවිත් මොකක්හරි අරං ගියබවත් ඒ පැත්තේ අය කියනවා.

      Delete
    3. ශිපියා නොව ශිල්පියා වියයුතුයි.

      Delete
  18. 1. ඔයාමඩුව කියන්නේ ආසියාවේ ආශ්චර්‍යමත් නගරයක් නේද?

    2. //අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාට, මෙහි ඇති පිළිම නරඹා, කිසියම් අවබෝධයක් ලබාගැනීම// ඇයි ගල් විහාරයේ පිළිමයේ අනුරුවක් කිව්වා නේද? තවත් මොනවද බලන්නෙ? :)

    3.අනුරාධපුරයේ ඉඳන් කොච්චර දුරද?

    4. ස්තුතියි කවදාවත් ගිහිල්ලා තැනක් ගැන විස්තර කිව්වට. මම කාලෙකට කලින් සඟරාවකින් කියෙව්වා තන්තිරිමලේ ගැන.

    ReplyDelete
    Replies
    1. 1 වැරදියි. නිවැරදි නම ඈස් චාරිය

      2 මෙහිදී බලන්නේ පොලොන්නරුව සහ මේ පිළිමය සංසන්දනාත්මකව බලන විට, පිළිමය නෙලීමට භාවිතා කර ඇති ශිල්ප ක්‍රම, පරිමාණය රැගෙන තිබෙන ආකාරය, සැතපෙන ඉරියව්ව නිසි පරිදි පිලිබිඹුවේද, සහ මට නොවැටහෙන තවත් ශිල්පීය කරුණු.

      3 කිලෝමීටර් 40 යි.

      ස්තුතියි ඇගයීම ගැන. අමතක කරන්න එපා, නුවරඑළිය හරහා තන්තිරිමලේ :e

      Delete
    2. මට පේන්නෙ මොකක් හරි දෙපැත්ත කැපෙන කියමනක් වගේ :e

      Delete
  19. මගේ ප්‍රතිපත්තියට අනුව පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි ඔක්කොම කියවලා මේ කොමෙන්ටුව දැමුවෙමි

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් අර ඉවානයා වගේ එකෙක්ට දුව දෙනවා කිව්වම කොමෙන්ටුවක් නෙවි ළඟ පාත තිබ්බනම් ගලකින් ගහන්න හිතෙන්නේ,,,,,, ඊට වැඩිය නරකද දුවව කපලා ගඟේ මුදේ දැන්මානම්

      Delete
    2. ප්‍රතිපත්තිය?.................... මං කිව්වා කියලා හිතාගන්නවා හොඳයි.

      ඇයි යකෝ අමාරුවෙන් හොයාගත්ත ඉවානයත් නැතිවුනොත් කෙල්ල දෙන්නේ උඹටද?

      Delete
    3. //කෙල්ල දෙන්නේ උඹටද?//
      හි,,,, හි.... විලිලාජ්ජවේ සංතොසේ බැරුවා මාමණ්ඩි

      Delete
    4. ඔන්න පාත්වුනා එකටත් හෙනහුරෙක් , පල යන්න මැරුම් නොකා මෙතන, ඕවට අහුවෙන්න එපා මාමණ්ඩි ....

      Delete
  20. මතකයන් අළුත් කරන විස්තරයක්, විචාරක තුමා...

    ස්තුතියි විස්තරයට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දැන් බොහෝ දෙනා නිතර චාරිකාවල යෙදෙන නිසා ඒ ගැනත් හිතලයි ලිව්වේ.

      Delete
  21. විචාරක,

    පිංතූරුවල තියෙන watermark එක තව චුට්ටක් පැහැදිලි වුනත් කමක් නෑ.. සමහර ඒවායෙ තියෙන watermark එක පේන්නෙ නෑ.. අනික watermark එක දාන්ට ඕන පිංතූරෙ මැදින්, නැත්තං ඒ කෑල්ල crop කරලා අයින් කරන්ට පුළුවන්..

    photoshop වල brush එකක් හදලා සේව් කරගත්තනම් ලේසියෙන්ම watermarks දාන්ට පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මම watermark එක දැක්කෙත් මේ කමෙන්ට් එකට පස්සෙ. watermark එක යෙදීම සම්බන්ධව මට මෙහෙම අදහසකුත් තියෙනවා. අපි ජාලෙන් පින්තූර ගනිද්දි බලා නොබලා ගන්නවානම් අපි දාන පින්තූරෙට watermark දාන්නෙ ඇයි කියලා හිතෙනවා.

      Delete
    2. බොහොම ස්තුතියි බූරා,

      මම ෆොටෝෂොප් ඉගෙනගෙන නැහැ. මේ කරලා තියෙන්නේ බොහොම සරල මෘදුකාංගයකින්. මෙතැනදී මම කලේ අවශ්‍ය පින්තූර ඔක්කොටම Batch watermark එකක් දීමයි. ඒ නිසා තමයි සමහර පින්තූරවල වෝටර්මාක් එකේ කොටසක් විතරක් පෙනෙන්නේ.

      හොරා කොහොමටත් හොරකම් කරනවනේ.

      මම හෙට අනිද්දම ෆොටෝෂොප් ඉගෙනීම අරඹනවා. දැනට දන්නේ brightness, colour, contrast, size, contact sheet, වගේ දේවල් හදාගන්න විතරයි.

      දුන්න උපදේශයට බොහොම ස්තුතියි.

      Delete
    3. @ හරී. ජාලයෙන් ගත්ත පින්තූරයක් හොයාගන්න පුළුවන්නේ පහසුවෙන්ම, ඒ පින්තූරය ජාලයටම දමා බැලීමෙන්. මේ පින්තූර මම දුකසේ අරගෙන, සංස්කරණය කරපු ඒවා නිසයි වෝටර්මාක් කළේ.

      Delete
    4. @ විචාරක,

      මමත් කවදාවත් හරිහමන් විදියට photoshop ඉගෙනගෙන නෑ.. අවශ්‍යතාව අනුව මේ දේ කරන්නෙ කොහොමද කියලා අන්තර්ජාලෙන් හොයා බලනවා.. ඉස්සර ජාලෙ නැති කාලෙ ඒකට උදවු වුනේ help files.. photoshop විතරක් නෙවෙයි graphic designing software ගැන මගේ තියෙන හැම දැනුමක්ම එහෙම ඉගෙනගත්ත ඒවා තමා.. :-)

      photoshop වලත් batch watermarks දාන්ට පහසුකම් සලසලා තියෙනවා.. මෙන්න මෙතැන තියෙනවා ඒ ගැන පොඩි tutorial එකක්..

      @ හරී,

      watermark දැමීම/ නොදැමීම ගැන තියෙන්න සදාකාලික විවාදයක්.. පොඩ්ඩක් ජාලෙ search කරලා බලන්ට.. :-)

      Delete
    5. බොහොම ස්තුතියි බූරා. ෆොටෝෂොප් ටිකක් ඉගෙන ගන්නම වෙනවා මම ඡායාරූප ශිල්පයටත් උනන්දුවක් තියන නිසා.

      Delete
  22. ලංකාවට ගිය වෙලාවක බලන ලිස්ට් එකට එකතු කරගත්තා... :-)

    ReplyDelete
    Replies
    1. කවද්ද ඉති ඔය ලිස්ට් එක ක්‍රියාත්මක වෙන්නේ. තවම නැද්ද වඩාගෙන යන්න එක්කෙනෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතර..............................

      Delete
  23. මේ ගැන දැන ගත්ත එක හොඳයි විබාගෙත් ඉවර උන හන්දා ඇවිදින්න යන්න තැන ටිකක් හොයා හොයා හිටියේ..

    ReplyDelete
  24. මටත් තාම යාමට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඔබ හොඳ විස්තරයක් කරල තියෙනව.

    ReplyDelete
  25. http://findcracked.blogspot.com/2015/04/ashampoo-red-ex-10-free-download.html

    Ashampoo Red Ex 1.0 Free Download

    Make your eyes Red or any color

    ReplyDelete
  26. That was a great place to go and visit. It is one of the historical place in the world. download free software

    ReplyDelete
  27. Interesting post.Such a useful information you share.
    Crack Download Software | Latest Software

    ReplyDelete
  28. well likes to visit it from all over the world. download full software

    ReplyDelete
  29. It was a historical place which almost every one knows about it. download crack software

    ReplyDelete
  30. Thanks for taking the time to share such a nice information.
    Download Free Software

    ReplyDelete
  31. Thanks for this great article, Keep it up and update your interesting share.

    SEO Crash Course | SEO Tips and Tricks | Free SEO Training

    ReplyDelete
  32. Great posts such a nice information, I was searching it since a long time. Keep it up and update your interesting share.

    Free Software Download Full Version

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }